හෙරොයින් ග්රෑම් 100කට වැඩි ප්රමාණයක් ළඟ තබාගෙන සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු යාපනය ඉලවාලි ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් එක් අයෙකු මාලිගාවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉලවාලි ප්රදේශයේම පදිංචිකරුවෙක් බව අනාවරය වී ඇත. මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි පුද්ගලයා ඉලවාලි ප්රදේශයට ගොස් හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.