උදරය තුළ සඟවාගෙන දෝහා නුවර සිට මෙරටට හෙරොයින් රැගෙන ඒමට උත්සාහ කළ පාකිස්තානු ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (01දා) කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හෙරොයින් ගුලි වශයෙන් සකසා උදරය තුළ සඟවාගෙන පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, මේ වනවිට ඔහුගේ උදරයේ තිබී හෙරොයින් ගුලි 41 ක් සොයාගෙනතිබේ.
සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, දින 07 ක රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.