බිබිල මැදගම ප්‍රදේශයේ පාසල් පාසල් සිසුවකු යතුරු පැදියකින් හෙරෝයින් මිලි ග්‍රෑම් 400ක් රැගෙනයමින් සිටියදී ඊයේ (10දා) දහවල් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මැදගම පොලීසිය සඳහන් කරයි.
මැදගම පොල්ගහවෙල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් කණ්ඩායමක් රථවාහන සෝදිසිකරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි මෙම පාසල් සිසුවා පරික්ෂා කිරීමේ දී ඔහු සතුව රියදුරු බලපත්‍රය නොමැතිවීම හා නිසාත් ඔහු දැඩිලෙස බියට පත්ව සිටි නිසාත් තව දුරටත් සිසුවා පරික්ෂාකිරීමේ දී කලිසම් සාක්කුවක මිලිග්‍රෑම් 100 බැගින් අඩංගු හෙරෝයින් පැකට් 4ක් තිබී අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිසුවා මැදගම බකිනිගහවෙල ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන වයස අවුරුදු 17ක් වයසැති සිසුවෙකු වන අතර පාසැල් වෙලාවෙන් පසුව හා නිවාඩු දිනවල දී තම සුළු පියාගෙන් ලැබෙන හෙරෝයින් පැකට් මැදගම නගරයේ රහසිගත ස්ථානවල සගවා තබා අලෙවි කිරීමට මෙම පාසල් සිසුවා කටයුතු කර ඇති බවට අණාවරණය වූ බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකාර සිසුවා, යතුරුපැදිය හා හෙරෝයින් සමග බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොණරාගල දිස්ත්‍රික් ජේෂ්ඨ පොලිස් අධිකාරි අරුණ ප්‍රේමශාන්ත, ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල හා මැදගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න යන
මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කේ.එම්.ජී. නන්දසිරි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.