හෙරොයින් ජාවාරම් සිදුකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (10දා) හැකිවූ බව සපුගස්කන්ද පොලීසිය පවසයි.
සපුගස්කන්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර, සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී මෙම හෙරොයින් ජාවාරම සිදුකරන ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ඒ අනුව උපාය දූතයෙකු මාර්ගයෙන් ඊයේ දින රාත්රි ප්රධාන සැකකරු හා හෙරොයින් ප්රවාහනයට ඔහුට අනුබලදුන් චෝදනාව යටතේ අවුරුදු 15ක් වයසැති දැරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 02ක් හා මිලි ග්රෑම් 200ක් පොලිස් බාරයට ගෙන තිබේ
ඒ අනුව අද (11දා) අලුයම සපුගස්කන්ද පොලිස් ස්ථානයට පැමිණි ප්රධාන සැකකරුගේ සහෝදරිය විසින් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාට ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබාදීමට ගිවිස ඒ අවස්ථාවේ ලක්ෂ දෙකහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමේදී අදාළ කාන්තාවද අල්ලස් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබන අතර සැකකරුවන් අද (11දා) මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.