හෙරොයින් ග්රෑම් එකක් සමග අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර අතිරේක අංක 01 මහේස්ත්රාත් අධිකරණයේ සුරේකා ද සිල්වා මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දවුලගල, පමුණුව, කොටදෙනිය ප්ර‘දේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මෙරට ප්රසිද්ධ රූපවාහිනී නාළිකාවක් මගින් පවත්වන ලද ගීත තරගාවලියක හත්වැනි ස්ථානය දක්වා පැමිණි පුද්ගලයෙකු බවද අධිකරණයේදී අනාවරණය විය.
උඩුනුවර, දවුලගල පොලීසිය දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් පසු සිය මෝටර් රථයෙන් හෙරෝයින් අලෙවි කිරීමට යමින් සිටියදී හෙරොයින් ග්රෑම් එකක් සමග සැකකරු අත්අඩංගවට ගෙන තිබිණි.
සැකකරු අදාළ තරගාවලියට යන සෑම අවස්ථාවකදීම කොළඹ සිට අලෙවිය සඳහා හෙරොයින් ගෙනැවිත් ඇති බවත්, ඒවා උඩුනුවර හා තදාසන්න ප්ර‘දේශවලට අලෙවි කර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දවුලගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගත්හ.