හෙරොයින් ජාවාරමේ නිරතවු මන්නාරම පොලිස් ස්ථානයටඅනුයුක්තව රාජකාරි යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (19දා) අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ, අනුලා දේවී මාවත විජයපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියෙකු වන වාසල මුදලිගේ සමින්ද ක්රිෂාන්ත මුදලිගේ (36) නමැත්තෙකි.
අනුරාධපුර අනුලා දේවී මාවතේ පදිංචිව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු හෙරොයින් ජාවාරමේ නිරතවන වන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී ඔහු සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් පැකට් පහ සමග සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහිවී සිටින බවත් දිනකට හෙරොයින් ග්රෑම් එකක් පමණ පානය කරන අතර, උදෑසන හෙරොයින් ජාවාරමේ යෙදී රාත්රීයේ පොලිස් රාජකාරියේ යෙදෙන බව පරීක්ෂණවලදී අනාවරණය විය.