හෙරොයින් කිලෝ ග්රෑම් 111 ක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට අද (19දා) පොලිස්පතිවරයා විසින් රුපියල් ලක්ෂ 40 මුදල්පරිත්යාගයන් පිරිනමනු ලැබිණි.
කෙන්යාවේ සිට නැවකින් මෙරටට රැගෙන එමින් තිබියදී පෞද්ගලික ඔත්තුකරුවෙකුගේ තොරතුරු මත මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් 98 දෙනෙකු වෙනුවෙන්ද රුපියල් එක්කෝටි පන්දහසක මුදලක් පිරිනමනු ලැබිණි.