සෞඛ්‍ය සේවාව තුළ හෙද හෙදියන් 30,000 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය සේවාව තුළ හෙද හෙදියන් 35,000 ක් සිටින බවත්, නමුත් සේවකයන් 65,000 ක් අවශ්‍ය බවත් පවසන එම අමාත්‍යාංශය වාර්ෂිකව පුහුණු කළ හැකි වන්නේ 4500 දෙනෙකු පමණක් බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ගැටලුවලට විසඳුම් ලෙස හෙද උපාධිධාරීන් බිහිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත්, හෙද විද්‍යාව දියුණු කිරීමේ අරමුණින් ජයවර්ධනපුර හෙද විද්‍යාලය හෙද පීඨයක් බවට පත්කරන බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
නිරාශා රණසිංහ