හෙද නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිසි විසඳුම් ලබානොදීමට එරෙහිව හෙට (23දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී හෙද විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
සිදුකරන ක්රියාමාර්ගයටත් යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් රෝහල් මූලික කර ගෙන වැඩවර්ජන දියත් කර සමස්ත රෝහල් ඒකාබද්ධ කරගෙන දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බව එම සංගමයේ සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
පවතින ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී වසරකට වැඩි කාලයක් ගත වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.