අන්තර් නිවර්තන අභිසාරි කළාපයේ බලපෑම හේතුවෙන් හෙට (11දා) දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අද (10දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නෙ ඇතැම් ස්ථාන වලට මිල මීටර් 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බවයි.
කාලගුණ විද්‍යා නිවේදනය
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම නිසා දිවයින ආශ්‍රිතව වැසි සහ අකුණු ඇති වීමේ හැකියාව වැඩි මට්ටමක පවතියි.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථානවලට තද වැසිද (මිලීමීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.
දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
සුළං බස්නාහිර දෙසින් හමන අතර, සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව සුළගේ වේගය විටෙක පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යාමට හැකියාවක් පවතියි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.