රණවිරුවන් දිනා දුන් නිදහස දරුවන් වෙනුවෙන් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ට වඩා යහපත් හෙටක් උදාකර දිමටත් දිවි හිමියෙන් කැප වන බය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ත්රස්වාදය පරාදා වසර හයක් ගතවීම පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ගෝඨාභය රජජපක්ෂ මහතාගේ ෆේස්බුක් පණිවුඩය
හෙට දින අපි තිස් වසරක ශාපලත් යුද්ධය විජයග්‍රහණය කල ඒ සුවිශේෂ දිනය හය වන වරට සමරන්නෙමු. අප ආ මග යුද්ධය නිසා ජීවිත අහිමි වූ සහ තම ජීවිත අඳුරු වූ ජනතාව සමරමු. අපගේ අනාගතය යහපත් කිරීමට තම ජීවිත කැප කල ඒ උදාර, අභීත විරුවන් සමරමු.ඔවුන් සහ ඔවුන්ගේ සමීපතමයන් කල ඒ කැපවීමට කෘත ගුණ දක්වමු. ඔවුන් අපට ලබා දුන් ඒ උතුම් නිදහස ඉමහත් භක්ත්‍යාදරයෙන් විඳ ගමු.
එමෙන්ම ඔවුන් ඒ ලබාදුන් නිදහස අප දරුවන් උදෙසා ආරක්ෂා කරදීමටත්, ඔවුනට වඩා යහපත් හෙටක් උදාකරදීමටත්, දිවි හිමියෙන් කැප වෙමු. ලක් මව වෙනුවෙන් එක්ව නැගී සිටිමු....!!!