දිවයිනේ නිරත දිග කොටසේ හෙට (25දා) හා අනිද්දා (26දා) වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24දා) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එසේම ඉදිරි දින කිහිපයේදී දිවයින හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක තද සුළං අපේක්ෂා කරන බව ද එහි වැඩිදුරටත් දැක්වෙයි.