සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වය හෙට (06දා) සිට තාවකාලිකව අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේවුවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බවතා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීම හේතුවෙන් අද සිට (05දා) සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. ඒ අනුව හෙට දිනයේදී දහවල් 12.13 ට කොස්ගොඩ, ලුණුගම්වෙහෙර, තවලම සහ ඇඹිලිපිටිය යන නගරවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.