වත්මන් රජය ජනතාවට ලබාදී ඇති සහනවලට අමතරව, භාණ්ඩ 10 ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට අඩුකරන ලෙස ලංකා සතොස ආයතනය වෙත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නියෝග කර ඇති බව 'අද'ට වාර්තා වෙයි.
ඒ අනුව, ලක් සතොස හරහා හෙට (13දා) සිට,
* සුදු සීනි කිලෝවක් රුපියල් 83 ක මිලකටත්,
* හාල්මැස්සන් කිලෝවක් රුපියල් 384 ක මිලකටත්,
* මාලදිවයින් උම්බලකඩ කිලෝවක් රුපියල් 1740 ක මිලකටත්,
* තිරිඟු පිටි කිලෝවක් රුපියල් 87 ක මිලකටත්,
* වියලි මිරිස් කිලෝවක් රුපියල් 245 ක මිලකටත්,
* මුංඇට කිලෝවක් රුපියල් 260 ක මිලකටත්,
* ග්‍රෑම් 425 ක ලොකු සැමන් ටින් එකක් රුපියල් 132.50 ක මිලකටත්,
* ග්‍රෑම් 155 ක පොඩි සැමන් ටින් එකක්, රුපියල් 64.50 ක මිලකටත්,
* ආනයනික සුදු සහල් කිලෝවක් රුපියල් 50 ක මිලකටත්,
* නාඩු කිලෝවක් රුපියල් 55 ක මිලකටත්,
* පොන්නි සම්බා කිලෝවක් රුපියල් 60 ක මිලකටත්, ලබාගැනීමට හැකි වනු ඇති බවද වාර්තා වෙයි.