හෙට (25දා) දින සිට පවතින කාලගුණ තත්තවයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බවත් ඒ අනුව පළාත් කිහිපයකට නැවතත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද දිනයේදී බස්නාහිර, වයඹ, ඌව, සබරගමුව, දකුණ, මධ්‍යම හා උතුරු මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයෙත් තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් අද පොරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.