70 වැනි නිදහස් දින සැමරුමේ පෙර පුහුණුවීම සිදුකරන නිසා හෙට (02දා) සිට අනිද්දා (04දා) දක්වා කාලය තුළ ගෝල්පේස් හා කොල්ලුපිටිය අතර මාර්ගය උදේ 7.00 සිට දහවල් 12 දක්වා වසා තබන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එහෙත් කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඇතුළුවීමට ඉඩ ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ නිසා එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව අනිද්දා (04දා) උදේ 5.00 සිට දහවල් 12 දක්වා මෙම මාර්ගය වසා තැබේ.