නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට(29) සිට අපේක්ෂා කළ හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වනු ඇති බවට ඒ අනුව මත පළ කෙරෙයි.
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක. සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං තත්ත්වයක් බළාපොරොත්තු විය හැක. දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.