දිවයියේ බොහෝ ප්රදේශවටල හෙට දිනයේදී වැසි බලාපොරොත්තු විය හැකි බව හෙට දිනයට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි.ඇතැම් ප්‍රදේශවලට තාවලිකව තද සුළංද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මධ්‍යහන 1200 ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇතිවේ.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
කොළඹ සිට ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.20-30 ක් පමණ වේ.
කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී.40-50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.