දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට සිට අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මනේතුව පවසයි.
කෙසේ වෙතත්, හෙට සවස 02.00 න් පමණ පසු දිවයිනේ තැනින් තැන, විශේෂයෙන් දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වල, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදය කාලයේද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, අගෝස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින අතර, හෙට (5දා) දහවල් 12.10 කොම්පඤ්ඤවීදීය, අංගොඩ, හග්ගල සහ සියඹලාණ්ඩුව නගරවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.