දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී අඩුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් කලුතර, රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
අද (09දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවයි.