හෙට (14දා) දිනයේ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව කැලණිය, පෑලියගොඩ, වත්තල, හැඳල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල යන ප්රාදේශීය සභා බල ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
එමෙන්ම, බියගම ආයෝජන කලාපයටද ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වෙයි.
හෙට (14දා) පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වා කැලණි ගඟ දකුණු ඉවුර ජල පවිත්රාගාරයට විදුලි සැපයුම අත්හිටුවන හෙයින් එම ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.