මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (05දා) පැවැත්වීමට නියමිතව තිබේ.
06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේ ද යන්න පිළිබඳව විවාදයේ දී පක්ෂවලට ලබාදෙන කාලය සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේ දී අවධානය යොමුකිරීමට නියමිතය.