ප්‍රධාන ඉල්ලීම් හතරක් මූලික කරගනිමින් හෙට (24දා) සවස 4 න් පසු දුම්රිය වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය අවධාරණය කරයි.
වර්ජනයේ ආරම්භයක් ලෙස අද (23දා) මධ්‍යම රාත්‍රී 12න් පසු චීන මැදිරි සහිත දුම්රියවල අතිකාල සේවා කිරීමෙන් ඉවත්වන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසා සිටියේය.
තිරිංග දෝෂ සහිත චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී සිදුවන දෝෂ සහිත ක්‍රියාවලට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ග නවතා දමන ලෙසත්, කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට එරෙහිව, අතිකාල දීමනා කප්පාදු කිරීම හා නිල ඇඳුම් දීමනා කප්පාදු කිරීම යන මූලික ඉල්ලීම් මුල් කරගෙන මෙම වර්ජනය සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.