ඉදිරි දින 07ක කාලය පුරාම ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට (04දා) සිට දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට මෙතෙක් ඇති වූ වැසි තත්ත්වය ඉහළ යා හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.
මේ අනුව හෙට (04දා) දිනයේදී බොහෝ ප්‍රදේශවලට සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව අද දිනය තුළදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසි ඇති විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
බස්නාහිර, වයඹ හා දකුණ වෙරළබඩ ප්‍ර‘‘දේශවලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකි බවත්, සබරගමුව, මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවද සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥවරයා පවසා සිටියේය.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 - 50ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.