හෙට පාර්ලිමේන්තු විවාදය නැවැත්වීමේ කුමන්ත්‍රණයක් - GL
හෙට දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය නැවැත්වීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද(05දා) පැවසීය.
අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකරන අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බව පවසමින් මෙසේ විවාදය කල්දැමීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවද සභාපතිවරයා කීවේය.
කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුවේ විවාදය ගැනීමට නියමිත බැවින් මෙම තර්කයේ කිසි පදනමක් නැති බවත්,කොමිෂන් සභා වාර්තා විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවට බලය තිබෙන බවත් ඒමහතා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ව්‍යාජ හේතුවක් උපයෝගි කර ගනිමින් විවාදයක් කල්දැමිය හැකිදැයි කථානායකවරයා තීරණය කළ යුතු බවත්,මේ අවස්ථාවේ කරු ජයසූරිය මහතාගේ අපක්ෂපාතීත්වය අපේක්ෂා කරන බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


