සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා හෙට (23දා) දිනය තුළ උදේ 08.00 සිට දහවල් 12.00 දක්වා වෛද්‍ය වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සඳහන් කළේය.
ඒ අනුව හෙට දිනය තුළ උතුරුමැද හා නැගෙනහිර පළාත් දෙක තුළ සියලුම රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය.
ඊට අමතරව මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව අනුරාධපුර නගරයේ සහ අම්පාර නගරයේ උද්ඝෝෂණ ව්‍යාපර 02ක් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.