මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා හෙට (25දා) දිනයේදී කොළඹ නගරය තුළදී කිසිවෙකුටත් පෙළපාළි යෑමට නොහැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන සියලුමදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
හෙට දිනයේදී සයිටම් විරෝධී පෙළපාළියක් පැවැත්වීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තීරණය කර තිබේ.