හෙට අනිද්දාට තමාද හිරේ දමනු ඇති බවත්, එසේ වුවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නොනවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්රීවරයා මේ බව පැවසුවේ අද (07දා)ලුණුගම්වෙහෙර 19 කොලනිය ප්රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
“හුසේන් කුමාරයා එනකොට මෙන්න අපි රණවිරුවො මෙච්චර ප්රමාණයක් අත්අඩංගුවට ගත්තා, මහින්දගෙ පුතා නේවි එකේ හිටිය ඌවත් ඇතුළට දැම්මා කියලා කියයි. හුසේන් කුමාරයත් වෙරි ගුඩ් කියයි.
කොහෙවත් යන බොරු චෝදනාවක් දාලා මහින්ද රාජපන්ෂ මහත්තයගෙන් පළිගන්න ඕන වුණාම අර දේශපාලනයට සම්බන්ධ නැති කෙනාව හරි හිරේ දාලා දැන් හුසේන් කුමාරයට පෙන්නන්න ඕන. හැබැයි ඉතින් හෙට අනිද්ද මාවත් දායි. ලොකු දෙයක්. ඔය කවුරු දැම්මත් මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක අපි නවත්තන්නෙ නෑ.
අපි ඒකාබද්ධ විපක්ෂෙන් පොල් ගහන්න ගියා. ඒකත් හොරාට පොල් කඩලලු. මං බයවෙලා ඉන්නෙ ඒකටත් මාව අල්ලන් යයිද කියලා. මට නම් පොල් ගෙඩි දෙක දුන්නෙ අපේ ලොකු තාත්තා. චමල් රාජපක්ෂ මහත්තය එතුමගෙ වත්තෙ පොල්ගෙඩි දුන්නෙ” යනුවෙන්ද ඔහු කියා සිටියේය.