ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් නැවතත් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට විදුලිබල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා තීරණය කර තිබේ.
මහා පරිමාණ මූල්‍ය වංචා සිදු වූ බව කියන හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් පරිපූර්ණ පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව ඍජුව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව විදුලිබල ඇමතිවරයා ඊයේ (23දා) පැවසුවේ ජා ඇල, මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්ත නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර‘යේ මංකොල්ලකරුවන්ට දඬුවම් දෙන බව අවධාරණය කරමින් ඇමතිවරයා එහිදී මෙසේද කීය.
'සාමාන්‍ය‘යෙන් රජයේ ආයතනයකට ඇතුළු වෙද්දී අපට දකින්න ලැබෙන අපිළිවෙළ, අපිරිසුදුකම, නමුත් මේ ආයතනයේදී අපට එය දකින්නට ලැබෙන්නේ නැහැ. කෙරවලපිටිය බලාගාරයත් මැනවින් පාලනය කරගෙන යනවා. විශාල වශයෙන් හොඳ මල් ව්‍යාපාරයක් එල්.ටී.එල්. ආයතනයෙන් පවත්වාගෙන යනවා. විදේශ ජනාධිපතිවරයෙකු එය දැක වතාවක් පුදුම වුණා. රාජ්‍ය ආයතන අපි පෞද්ගලික ආයතනවලට වඩා හොඳින් පවත්වාගෙන යාමට ක්‍රියාකළ යුතුයි. ලබන අවුරුද්ද වනවිට 'ෆයිව් එස්' ක්‍රමය (එස් පහ) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආයතනවලට හඳුන්වාදී ඒවා පිටිනුත්, අභ්‍යන්තරයෙනුත් හොඳ ආයතන බවට පත්කිරීමට අප ක්‍රියා කළ යුතුයි.
පසුගිය කාලයේ අත්තනෝමතිකව ගෙනගිය ජාතික මංකොල්ලය මට හොඳින් වැටහුණා. 2011 ලෝක ක්‍රිකට් කුසලානය පැවැත්වෙද්දී කෙරවලපිටිය බලාගාරයට ඉන්ධන සැපයීම පස් වතාවක් නැවතුණා. එහි ප්‍රතිඵලය හැටියට එහි පරිතෝෂිකය ඩොලර් 114 ට වැඩි වුණා. එහි අති විශාල ප්‍රමාණයක් විවිධ අයගේ සාක්කුවලට ගියා. ඒ වගේම බලාගාර 05 ක් නවත්තලා රට අඳුරේ තියන්න ක්‍රියා කළා. ඊටපසුව බාල තෙල්, හෙජින් ගනුදෙනු පිළිබඳ කතා කරන්න වුණා.
ඒ අවස්ථාවේ හිටපු පාලකයන්ට, ජනාධිපතිට මෙය නවත්වන්න කී විට එය වැඩි වුණා මිස නතර වුණේ නැහැ. එවිට අපේ අමාත්‍යාංශවලින් මම ගියේ ඛනිජ තෙල්, ගල් අඟුරු ක්ෂේත්රයේ බඩ පිනුම් ගැසූ අයට පාඩම් උගන්වන්න හිතාගෙන. දැන් ඔවුන් පසුපසට වෙලා කුමන්ත්‍රණය කරනවා තෙල් හිඟයක් ඇති බවට 'පිකට් බෝඩ්' අල්ලන්නේ කොහොමද සිතමින්.
පසුගිය කාලේ ඇතිවුණ දූෂණ වංචා ගැන කියනවා නම් රාජපක්ෂ පාලනය පෙරළන්න මා මුල් වුණෙත්, මේ අමාත්‍යාංශය භාරගත්තෙත් මේක කාපු පිරිස්වලට දඬුවම් දෙන්න. වැරදිකරුවන්ට දැඩිව ඍජුව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ කාලේ නිලධාරීන් අල්ලලා පවුලේ සමාගම බේරුණා. මේ වතාවේ එහෙම කරන්නෙ නෑ. මේ සිද්ධිවලට සම්බන්ධ හැමෝටම අපි නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් තෙල් සංස්ථාවේ හෙජින් වංචාව සම්බන්ධයෙන් පරිපූර්ණ පරීක්ෂණයක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි ඍජුව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම තෙල්, ගෑස් දෙකේම පාරිතෝෂික මගින් මුදල් හම්බ කළ අයට ඍජුව නීතිය ක්‍රියාත්මක කරනවා.
බෝයාව නැවතුණ වෙලාවේ නැවක් ගෙනාවා. ඒක ගෙනාවේ කවුද කියන්නෙ නැහැ. මේකෙ වරදකරුවො කියා පුංචි මිනිස්සු පිටින් යවන්න හදන්නේ. ඒ ගැන තරාතිරම නොබලා දැඩිව දඬුවම් දෙන්න ක්‍රියා කරනවා. ගල් අඟුරු වංචාවට සම්බන්ධ අය තමයි අහසේ චන්ද්‍රිකා ඇරියේ. ඒ ගැන තොරතුරු අපි අදාළ ස්ථානවලට ලබාදීලා තියෙන්නේ. ඒ අයටත් තරාතිරම නොබලා අපි දඬුවම් දෙනවා. මේවා සම්බන්ධ ලියවිලි යට ගහන්න එපා. මේ හය අවුරුද්දම මම ඉන්නවා. ඒවට බාධා කරන අය අපි ඉවත් කරනවා. පඩි ගැන කියමින් බෝඩ් අල්ලන් ඉන්න ඔක්කොම අයගෙ පඩි මගේ රුපියල් 54,000 පඩියට වඩා වැඩියි. සමහරු ඒ වගේ හත් අට ගුණයක් ගන්න ගමන් බෝඩ් ලෑලි අල්ලනවා'යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.