සිංහරාජ වනාන්තරයේ වෙසෙන දුර්ලභ වර්ගයේ කිඹුල් හූනන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 26 අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (23දා) සැකපිට අත්අඩංගුවට ගත් බව තිනියාවල පොලිසිය පවසයි.
හබරකඩ ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම කිඹුල් හූනන් දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් සයොගෙන විත් නිවසේ තබාගෙන රුපියල් ලක්ෂ 26කට තැරව්කරුවකුට ලබාදීමට සූදානමින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව තිනියාවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රදීප් ආනන්ද සිල්වා මහතා පැවසීය.
හිනිඳුම පී. ජයවික්රම