ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කිසියම් පෙති වර්ගයක් පානය කිරීම නිසා අද (27දා) උදෑසන මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව වාර්තා වෙයි.
හුළුගල්ල මහතාගේ ජීවිතයට අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, පසුගිය බ්‍රහස්තපතින්දා පැවති කැබිනට් මණ්ඩලයේදී විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය අහෝසි කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
UPDATE
හුළුගල්ල මහතා තමන්ගේ රෝගී තත්ත්වයන්ට නිතිපතා ලබා ගන්නා ඖෂධ වර්ගයක් මාත්‍රාව වැඩි වශයෙන් ගැනීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඔහුගේ සමීපතමයෙකු අප හා පැවසීය.