ශ්‍රී ලංකාවේ සිවු දින නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් කුමරු ඊයේ (08 දා) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවිය.
මහ කොමසාරිස් වරයා සමහ එක්සත් ජාතින්ගේ සංවිධානය නියෝජනය කරමින් නියෝජිත පිරිසක්ද මේ අවස්ථාවට සහභාග විය. මෙහිදී හුසේන් කුමරු ඇතුළු පිරිස සමග ආරක්ෂක ලේකම් වරයා සමග පැවතී සුහද සාකච්ඡාවකින් අනතුරුව සුහද තාවය පල කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) එස් හෙට්ටිආරච්චි මහතා, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසක් සහභාග විය.
මෙම හමුව ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.