හුංගම රාත්‍රි ජංගම සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් යතුරු පැදියක් නවතා පරික්ෂා කිරිමේදි බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඩෙටනේටර් 15ක්, ග්‍රෑම් 890 ක් බර ඩයිනමයිට් කරල් 07ක්, අඩි 35 ක් දිග සේවා නූල් 01 ක්, අඩි 05 ක් දිග සේවා නූල් 01 ක්, කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 365 ක් බරැති ඇමෝනියම් පාර්සල් 01 ක් ඔවුන් සන්තකයේ තිබී ඇත.