මහනුවර දළදා පෙරහැර සහ තවත් ප්‍රසිද්ධ පෙරහැර එකම කාල වකවානුවක යෙදෙන අවස්ථාවන්හිදී දැනට සිටින අලිඇතුන් එකී පෙරහැර සඳහා යොදා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බැවින් හීලෑ අලි සංචිතයක් ඇති කරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තීබේ.
ඒඅනුව පින්නවල අලි අනාථාගාරයෙන් හා අවශ්‍ය අවස්ථාවන්හිදී උඩවලව ඇත්අතුරු සෙවණෙන් ලබා ගන්නා අලි,ඇතුන්, ,ඇතින්නියන් යොදා ගනිමින් උපරිම වශයෙන් 35ක් දක්වා වන ආකාරයට මෙම ඒකය පිහිටුවීමට සැලසුම්කර ඇත.