රජය සතුව පවතින වගා නොකළ සියලු ඉඩම් හා පෞද්ගලික අංශය සතු ආහාර නිශ්පාදනයට යොදා නොගෙන ඇති ඉඩම් තාවකාලිකව රජයට ලබාගෙන ආහාර නිපදවීම සඳහා යොදාගන්නා බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කියයි.
ජාතික ආහාර නිශ්පාදන වැඩසටහනට අද (05ද) ඉරණමඩු ප්රදේශයේදි පැවැති අතර එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
ආහාර පාන සියල්ලම වගා කළ හැකි රටක් වශයෙන් විදේශීයව ආහාර ආනයනය කිරීම පිළිබඳව ලැජ්ජාවිය යුතු බවත් ඔහු පැවැසීය.
යුද හමුදාව විසින් භාවිත කළ ඉඩම් අක්කර 613ක් එහි මුල්පදිංචිකරුවන් වෙත ලබාදිමද මෙහිදි සිදුවිය.
ඉන් අනතුරුව ජනපතිවරයා කුඹුරුයායට බැස යන්ත්රාණුසාරයෙන් ගොයම් සිටුවීමටද එක්විය.
ඡායාරූප වව්නියාව මධුශංක