මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පොළොන්නරුව කඳුරුවෙල ජයන්ති විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මේ අනුව මෙම මස (15දා) බදදා පූර්ව භාග 9.06ට දකුණු දිශාව බලා හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමේ නැකත යෙදී ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කිරීමට නියමිතය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය සංවිධානය කර තිබේ.