ශරීරය වෙහෙසට පත්වන විට ශරීර උෂ්ණත්වය වැඩිවුවත් පවතින කාලගුණ තත්ත්වය යටතේ එම උෂ්ණත්වය අඩුකරගැනීමේ හැකියාවක් ශරීරයට නොමැති බැවින් හිරු එළියේ වෙහෙසීම අහිතකර බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ හා කෘෂි කාලගුණික අංශයේ අධ්යක්ෂ කේ.එච්.එම්.එස්. ප්‍රේමලාල් මහතා පැවසීය.
මේදිනවල දහවල් කාලයේ එළිමහනේ ක්‍රීඩා කිරීම හා ව්‍යායාම කිරීමද සුදුසු නොවන බවත්, දැනට පවතින දැඩි වියළි හා උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මාසයේ අවසානය දක්වාම පවතිනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.