හිරමනය ලන්ඩනයට ගියත් සිදු කරන්නේ පොල් ගාන එක බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතැනට ගියත් ඔහුගේ හදවත රැඳී තිබෙන්නේ සඟ,වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බවත් හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.
ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේදී සේම ගෙවී ගිය මාස අටක කාලයේදී රට තුළ සිදුවූ බොහෝ දේවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ දේවල් බවයි.
එහෙත් සමහර පුද්ගලයන් තමන්ට අදින්න නැතත් බල්ලන්ට ඇඳුම් ඇන්දවීමට උත්සාහ කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ෆෝටොවලට පෙනී සිටියත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදවතින්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට නියත ජය ප්‍රාර්ථනා කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
බෙල්ල නැතත් කඳ ෆයිට් කරන බවට ගමේ ගොඩේ කතාවක් තිබෙන බවත්, එහෙත් බෙල්ල නැතිවූ විට කඳ ගමන් කරන්නේ එක එක දිශාවලට බවත් රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයට අද සිදුව ඇත්තේද එයම බවත්, ඔවුන්ට ඔවුන් කරන දේ නොතේරෙන බවද ඒ මහතා පවසා සිටියේය.