බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවිල් වරදවල් යටතේ අත්අඩංගුවට ගැනීමේදී එය සිදුකළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය යටතේ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේය.
එසේම භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම රඳවා ගැනීම් සිදුකිරීම නිසා සිවුරේ ගරුත්වයටත්, බෞද්ධ සම්ප්රදායේ ඉතිහාසයටත් හානි සිදුවන බැවින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව ඒ සඳහා යම් විසඳුමක් ලබාදියයුතු බවද ඔහු පැවැසීය.
අද (21දා) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අමතා්‍යවරයා මේ බව පැවැසීය.
සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම නිසා බෞද්ධ සමාජයේ කම්පනයක් ඇති තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.