ගල්කිස්ස මල්ලිකාරාම විහාරස්ථානයේ තිබූ වසර 60කට වඩා පැරණි තඹ පාත්රය සොරාගත් එම විහාරස්ථානයේම වැඩ වසන හිමිනමක් නිකිණි පුන් පොහොය යෙදෙන අද දින (10දා) ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විහාරස්ථානයේ තිබූ පාත්රය නැතිවීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ දායක කමිටුවේ සභාපති අද (10 දා) උදෑසන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් අදාළ පරීක්ෂණ සිදුකර මෙම හිමිනම අත්අඩංගුවට ගත් බව පවසයි.
සොරාගන්නා ලද මෙම තඹ පාත්රය ලක්ෂ ගණනක් වටිනා පෞරාණික වස්තුවක් බවද, ඒ සඳහා නිශ්චිත මිලක් තැබිය නොහැකි බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.