18 හැවිරිදි හිමි නමක් අභූත චෝදනාවක් සම්බන්ධයෙන් සිත කළකිරී විහාරස්ථානයේ ගබඩා කාමරයක් තුළදී ලණුවකින් ගෙල වැලලාගෙන ඊයේ (18දා) අපවත්ව සිටි බව බදුල්ල පොලීසිය පවසයි.
තමා වරදක් නොකළ බවට නායක හාමුදුරුවරයෙකු නමට ලිපියක් ලියා තබා හාලිඇල, ලන්දෙවෙල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී මෙසේ ගෙල වැලලාගෙන අපවත් වූයේ බිබිලේ අරියධම්ම නමැති හිමි නමකි.
"ලොකු හාමුදුරුවනේ මම යනවා. මගේ ගැන ආය හොයන්න එපා. මගේ හිතේ ඒ නංගි ගැන කිසිම අදහසක් තිබුණේ නෑ. මගේ අතින් වරදක් වුණා නම් සමාවෙන්න." යනුවෙන්ද එම ලිපියේ සඳහන්ව තිබුණි.
ගමේ අවුරුදු උත්සවයට අවශ්‍ය කරන විදුලි බුබුළු කිහිපයක් රැගෙන යාම සඳහා විහාරස්ථානයට පැමිණි ගම්වැසියෙකු මෙම හිමි නම ගෙල වැලලාගෙන සිටිනු දැක පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශයට කළ දැනුම්දීමක් මත පොලීසිය එම ස්ථානය ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.