මහනුවර ධර්මරාඡ විද්‍යාලයේ හිමාලය තරණයේ යෙදෙන බාලදක්ෂ කණ්ඩායමට ඡනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් ලබා දුන් බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
මෙම පරිත්‍යාගය ඊයේ (17දා) ධර්මරාඡ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් මුදල් චෙක් පත ලබා දුන් බව අමාත්‍ය වරයා පැවැසිය.
ධර්මරාඡ විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ හිමාල ගවේෂණයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් එළැඹෙන 25 දා සිට අප්‍රියල් 27 දක්වා හිමාලය තරණය කිරීමට නියමිතය.
තරණය කිරිමට නියමිත මහනුවර ධර්මරාඡ විද්‍යාලයේ බාලදක්ෂ කන්ඩායමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ සභාපති සරත් ඒකනායක මහතාගේ ඉල්ලිම මත ඡනපති මෛත්‍රිපාල ඡනපති තුමා විසින් මෙම මුදල ලබා දි ඇත.