යාපනය අර්ධද්වීපයේ වෙසෙන පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද ඇතුළුව තරුණ තරුණියන් 50දෙනෙකු හමුදාගත පදනම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හමුදාමය නොවන රාජකාරීන් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (15දා) සිට රාජකාරීන්ට අනුයුක්ත කර තිබේ.
මෙලෙස බඳවාගත් නව ආධුනිකයන් හට ආහාර, ප්‍රවාහන හා වෛද්‍ය පහසුකම් යනාදියට අතිරේකව රුපියල් 40,000ක මාසික වැටුපක් හිමිවන අතර, ඔවුන්ව යස අවුරුදු 55දී විශ්‍රාමික හිමිකමටද ඇතුළත් වේ. එසේම, ඔවුන්ගේපවුලේ සාමාජිකයන් සඳහාද යුද හමුදා වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවද ඇත.