උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා සතු වාහන 32 ක් එයට වැඩි ප්‍රමාණයක් හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්, විපක්ෂ නායකවරුන් හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලය විසින් රැගෙන ගොස් ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
කාලසීමාව ඉක්වමා ඇති පළාත් සභාවල පාලනය පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කර ඇති අවස්ථාවක එසේ වාහන රැගෙන යෑම නීතිවිරෝධී බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
එසේම පළාත් සභා සතු තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඔවුන් නැවත බාරදීමට කටයුතු කර ඇති බවත් දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව මෙම සම්පත් යොදා ගනිමින් සිටින බවත් ඔවුහු පවසති.
පළාත් සභා ආණ්ඩුකාර පාලනයට නතු කිරීමෙන් පසුව එම සම්පත් හිටපු දේශපාලඥයන් විසින් දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම, මහජන දේපොළ අයථා පරිහරණයක් මෙන්ම සාවද්‍ය පරිහරණයක් බවත්, ලංකා නීතිය අනුව දඬුවම් ලැබිය යුතු වරදක් බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.