පොලීසියට බැන තර්ජනය කර, පොලිස් රාජකාරියට බාධා කිරීමේ වරදට එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීටී.මහේශ්වරන් මහතාගේ සහෝදරයෙකු ඊයේ (05දා) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය කියයි.
යාපනය පොලීසිය පැවසුවේටී.තුවාරකේශ්වරන් නමැති පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.යාපනය නුවර පෞද්ගලික බස් රථයක ගමන් බලපත්රය සම්බන්ධයෙන් ඇති වු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කොට, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.