වවුනියා දිස්ත්රික්කයේ 34 වෙනි මහ දිසාපතිවරයා ලෙස එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා ඊයේ (24) පෙරවරුවේදී වැඩ බාර ගත්තේය.
1995 වසරේ ශ්රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක සහකාර මැතිවරණ කොමසාරිස් හා ප්රාදේශීය ලේකම් තනතුරු හොඹවා ඇති අතර, මීට පෙර රෝහණ පුෂ්පකුමාර මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ක්රියා කළේය.
වවුනියාව දිසාපති ලෙස ක්රියා කළ එම්.කේ. බන්දුල හරිශ්චන්ද්ර මහතා රත්නපුර මහ දිසාපති ලෙස ස්ථාන මාරු වූ අතර, නව වවුනියාව දිසාපතිවරයාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඒ මහතාද සහභාගි විය.