අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව දැනට විදේශගතව සිටින හිටපු පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඔහු සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට හෙළිවී තිබේ.
වෙලේ සුදා විසින් මෙරටට ඒවා තිබෙන හෙරොයින් සෘජුවම භාරගෙන තිබෙන්නේ මරදාන සහ කොට්ටාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද හෙළි වී තිබෙන අතර මරදාන ප්‍රදේශයේ පදිංචිකරු මේ වනවිට මැලේසියාවට ගොස් සිටියි.
මෙම පිරිසට අමතරව වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට කොළඹ ප්‍රදේශයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද සම්බන්ධ බවට හෙළිවී තිබේ.
පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් දෙදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරුන් වන අතර අනෙක් නිලධාරියා පොලිස් සැරයන්වරයෙකි.
පොලිස් සැරයන්වරයා සහ උපපොලිස් පරීක්ෂකවරයෙකු මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින අතර, එයට හේතුවී තිබෙන්නේ මීට පෙර මෙම පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම නිසාය.
වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැත්තා විසින් හෙළිකරන තොරතුරුවලට අනුව නම් හෙළිවී තිබෙන පුද්ගලයන් 06 දෙනා පිළිබඳව ඔවුන් සමග සමීප සම්බන්ධකම් පවත්වන තවත්දෙදෙනෙකුගෙන්ද පොලීසිය මේ වනවිට ප්‍රශ්න කර තිබේ.
එහිදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගෙන් අවස්ථා ගණනකදී පොලීසිය ප්‍රශ්න කර තිබෙන අතර, වෙලේ සුදා මුදල් හුවමාරු කරගෙන තිබෙන්නේ 'උන්ඩියල්' (විදේශයක සිට කෙනෙකුට මුදල් දුන්විට ඊට සරිලන මුදල් ඔවුන්ගේ මෙරට නියෝජිතයෙකු මගින් ලබාගැනීම) ක්‍රමයට බවත් මේ වනවිට හෙළිවී තිබේ.