හිටපු පොලිස්පතිවරයෙකු වු ඉන්ද්‍රා ද සිල්වා මහතා අසනීප තත්වයෙන් පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (30දා) අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
1944.02.19 වන දින අම්බන්ගොඩ ප්‍රදේශයේදි උපත ලැබු ඔහු 1971.12.15 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැදී ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල රාජකාරි කර ඇති ඉන්ද්‍රාද සිල්වා මහතා 2003.12.19 වන දින සිට 2004.09.30 වන දින විශ්‍රාම යන තෙක් ශ්‍රී ලංකා පොලිසියේ 28 වැනි පොලිස්පති වශයෙන් කටයුතු කර තිබේ.
ඔහුගේ දේහය අංක 389/බී, එක්සත් මාවත, කලපලුවාව, රාජගිරිය ලිපිනයේ තැන්ත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට (31දා) පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.