බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමති උපාලි කොඩිකාර මහතා කුරුඳුවත්ත පොලීසිය මගින් අද (19දා) අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ජනාධිපති කොමිසමේදී පසුගියදා එහි නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගත් අතර,ඔහු අද උදෑසන පොලීසියට විත් බාරවී තිබේ.
අත්අඩංගුවට ගත් උපාලි කොඩිකාර මහතා අද අලුත්කඩේ අංක 01 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවදපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.