මඩකලපුව හිටපු නගරාධිපති සිවගීතා ප්රභාකරන්ගේ නිවසේදී ඊයේ (26දා) සවස තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මඩකළපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මඩකළපුව මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
සතීස් නැමැත්තෙකු මෙම අනතුරට මුහුණපා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිවගීතා මහත්මියගේ සැමියා මඩකලපුව මූලස්තාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පවුලේ ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය සිදුවී ඇති බවට පොලීසිය සැකකරයි.
මඩකලපුව මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව - ජවුෆර්කාන්